Wednesday, April 17, 2024

General line - 0115112241

මාලිංගට ලැබුණු දඬුවම ගැන මහේල කථා කරයි




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලසිත් මාලිංග ලබා දුන් දඬුවම සම්බන්ධයෙන් හිටපු නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුම හරහා අදහස් පළ කර තිබෙනවා. 

මේ පිළිබඳ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මහේල පවසා ඇත්තේ මාලිංගට පැණ වූ තරග තහනමට තමන් එකඟ නොවන බවයි. 

ලසිත් මාලිංගට වසරක තරග තහනමක් පනවා, එය මාස 6 කට අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ තීරණය කළා. 

එම මාස හයෙහි පරිවාස කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඇති ගිවිසුම කඩවන අයුරින් කටයුතු කළහොත් මාලිංගට තරග තහනමක් පනවනු ඇති. 

ඔහු මීළගට සහභාගි වන එක්දින තරගයේ ගාස්තුවෙන් සියයට 50 ක මුදලක් දඩ වශයෙන් නියම කර තිබෙනවා. 

ශ්‍රී ලංකා  ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන  ක්‍රිඩක ලසිත් මාලිංගට ක්‍රිකට් ආයතනය ලබා දුන් දඬුවම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අද අදහස් පළ කළා. 

ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීයි.