Friday, April 19, 2024

General line - 0115112241

සංක්‍රමණිකයන් භාර නොගැනීමට ඉතාලිය සූදානම් වෙයි




මුහුදු මාර්ගයෙන් තම රටට පැමිණෙන සංක්‍රමණිකයන් භාර ගැනීම ඉදිරියේදී නවතා දැමීමට ඉතාලියේ සූදානමක් ඇති බව විදෙස් වාර්තා පවසනවා.

සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් අනෙකුත් යුරෝපා රටවල් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම තම රටට ගැටලුවක් වී ඇති බවයි ඉතාලි රජය පෙන්වා දෙන්නේ.

මේ වසරේ ගත වූ කාලය තුළ සංක්‍රමණිකයන් 73,000 ක් ඉතාලියට පැමිණ ඇති අතර, එය පසුගිය වසරට වඩා සියයට 14ක වැඩිවීමක්.