Thursday, April 25, 2024

General line - 0115112241

කැන්ගරු වේග පන්දුවට දිගට හරහට බැට දුන් රහස 'චමරි' හෙළි කළ හැටි (UPDATE)




ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම් අතර අද (29) පැවති ලෝක කුසලාන තරගයේ ජය ඕස්ට්‍රේලියාවට හිමි වුණා.

පළමුවෙන්  පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 257ක් ලබා ගත්තා.


ශ්‍රී ලංකාව වෙනුවෙන් නොදැවී ක්‍රීඩා කළ  ආරම්භක පිතිකාරිනි චමරි අතපත්තු ලකුණු 178ක් ලබා ගත්තේ හතරේ පහර 22ක් හා හයේ පහර හයක් ද සමගයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

එහිදී මෙග් ලැනින්ග් නොදැවී ලකුණු 152ක් ලබා ගත්තා.

තරගයෙන් අනතුරුව විස්තර විචාරකයන් සමග අදහස් පළ කරමින් චමරි අතපත්තු කියා සිටියේ ශ්‍රී ලංකාවේ පැවති පුහුණුවීම්වලදී පිරිමි 17 න් සහ 19 න් පහළ වේග පන්දු යවන්නන්ට මුහුණ දී තිබීම නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩිකාවන්ට මුහුණ දීමට තමන්ට හැකිවූ බවයි.


 


 

............................................................

හතරේ පහර 22ක්.. හයේ පහර හයක්..- අතපත්තු ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ කාන්තා සලකුණ තැබූ අයුරු මෙන්න

29-06-2017 18:51

 

ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර කාන්තා ලෝක කුසලාන තරගාවලියේ තවත් තරගයක්අද (29) මේ වනවිට පැවැත්වෙනවා.

එහිදී පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 257ක් ලබා ගත්තා.

එහිදී නොදැවී ක්‍රීඩා කළ  ආරම්භක පිතිකාරිනි චමරි අතපත්තු ලකුණු 178ක් ලබා ගත්තේ හතරේ පහර 22ක් හා හයේ පහර හයක් ද සමගයි.

 ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ජාත්‍යන්තර එක්දින තරගයක දී ශතකයක් රැස් කළ පළමු ම ක්‍රීඩිකාවද වනවා. 

2010 වසරේ දී අයර්ලන්තයට එරෙහිව ලකුණු 111ක් රැස් කරමින් ඇය මේ වාර්තාව තැබුවා.

අද තරගයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.