Friday, April 26, 2024

General line - 0115112241

ගිය ආණ්ඩුව වංචාකළ මුදල් රාජසන්තක කරනවා!




පසුගිය ආණ්ඩුව විසින් වංචා කළ මුදල් රාජසන්තක කර ජනසතු කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ වත්මන් ආණ්ඩුව විහාරස්ථානයන්හි පිං කැටවල තිබෙන මුදල් ද ලබා ගැනීමට උත්සහ දරන බවට හිටපු ජනාධිපතිවරයා සිදු කරන ප‍්‍රකාශ ප‍්‍රතික්ෂේප කරන බවයි. 


සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ සීගිරිය ප‍්‍රදේශයේ අද (29) පැවති උත්සවයකට එක්වෙමින්.