Friday, March 29, 2024

General line - 0115112241

ජනපති Facebook ගැන කතාකරයි!




ජාතික සමගිය සහ ආගමික සංහිඳියාව ගොඩනැගීමේ දී ෆේස්බුක් හා ඇතැම් සමාජ වෙබ් අඩවි බාධාවක් වී ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නුවරඑළිය ප‍්‍රදේශයේ අද (29) පැවති උත්සවයකට එක්වෙමින්. 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී විදුලිබල සේවකයින්ගේ විරෝධතා ව්‍යාපාරය පිළිබඳවද අදහස් දැක්වූවා. ජනාධිපතිවරයා සඳහන් කළේ පසුගිය රජය විදුලිබල මණ්ඩලයේ ඉහළ සේවකයින්ට පමණක් විශාල වශයෙන් වැටුප් වැඩි කළ බවයි. පහළ ශ්‍රේණිවල සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදු නොවීම හේතුවෙන් ඔවුන් විරෝධතාවයේ නිරත වන බවද සයිටම් අර්බුදය ද නිර්මාණය කළේ පසුගිය රජය බවද ජනාධිපතිවරයා කියා සිටියා.