Friday, March 29, 2024

General line - 0115112241

ඇමරිකානු වාර්තාවක් ශ්‍රී ලංකාව අවධානම් කලාපයෙන් ඉවත් කරයි




අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම පිළිබඳ වාර්තාවේ අදියරක් ඉදිරියට පැමිණීමට ශ‍්‍රී ලංකාව සමත් වී තිබෙනවා. මේ, අධිකරණ අමාත්‍යංශයේ අද (29) පැවති මාධ්‍ය හමුවක දී ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ.

 

අවුරුදු 4ක් අපි හිටියෙ දෙවන මට්මේ අධීක්ෂණ ලයිස්තුවේ. දැන්  අපි දෙවන මට්ටමට පැමිණ තිබෙනවා. අවධානම් කලාපයෙන් එළියට ඇවිත් තියෙනව.

 

එම මාධ්‍ය හමුවට එක්වූ නියෝජ්‍ය පොලිස් අජිත් රෝහණ, තැනැත්තන් වෙළඳාම පිළිබඳ මෙලෙස පැහැදිලි කළා. 
 

මින්ස් ජාවාරම කියන්නේ පිලිගත් වරායකින් රටින් නීත්‍යානුකූල නොවන අයුරින් රටින් පිට කිරීම. මෙය කැමැත්තෙන් සිදුවන වරදක් බවටත් පත්වෙනව. නීතිවිරෝධී සංග්‍රමණිකයින් මේ වරදට යටත් වෙනව. කැමැත්තෙන් ගියත් අදාල රටට ගියාම පොරොන්දු වුණ රැකියාව නොලැබෙන්න පුළුවන්. මේ වා තැනැත්තන් වෙළඳාම කියන වරදට අයත් වනව.