Friday, April 19, 2024

General line - 0115112241

සිම්බාබ්වේ හමුවේ ලංකාව පරාජය වැළඳ ගනී 




ශ්‍රී ලංකාව සහ  සිම්බාබ්වේ අතර පැවැත්වුණු  පළමු එක්දින තරගයෙන්ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 316ක් ලබා ගත්තා.

උපුල් තරංග ද තම එක්දින ක්‍රිකට් දිවියේ ලකුණු හයදහස  සම්පුර්ණ කිරීමට එහිදී සමත්වූ අතර කුසල් මෙන්ඩිස් තම එක්දින ක්‍රිකට් දිවියේ  ලකුණු දහස ද එහිදී  සම්පුර්ණ කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක සහ උපුල් තරංග අර්ධ ශතක වාර්තා කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ පිතිකරුවන් කඩුලු  4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

මෙම තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම ප්‍රශස්ථ මට්ටමක නොතිබුණු බවයි විචාරකයන් පවසන්නේ.ලසිත් මාලිංග 29වන පන්දුවාරයේ දී උඩ පන්දුවක් ද අතහරිනු ලැබුවා.

තරගයේ සම්පුර්ණ ලකුණු පුවරුව පහතින් දැක්වෙනවා. 


 

 

 



 

 

 

..............................................................................

කුසල්..ධනුෂ්ක..තරංග පිත්තෙන් පෙන්නූ දස්කම් ජයග්‍රහණයක බලාපොරොත්තු රඳවයි

30-06-2017 13:35

 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ සිම්බාබ්වේ සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 316ක් ලබා ගත්තා.

එහිදී උපුල් තරංග ද තම එක්දින ක්‍රිකට් දිවියේ ලකුණු හයදහස  සම්පුර්ණ කිරීමට එහිදී සමත්වූ අතර කුසල් මෙන්ඩිස් තම එක්දින ක්‍රිකට් දිවියේ  ලකුණු දහස ද එහිදී  සම්පුර්ණ කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක සහ උපුල් තරංග අර්ධ ශතක වාර්තා කළා.

සම්පුර්ණ ලකුණු පුවරුව පහතින් දැක්වෙනවා.


 

 

 

.........................................

කුසල් 1000යි..තරංග 6000යි - ගාල්ල පිටිය වර්ණවත් වන්නේ මෙලෙසයි

30-06-2017 12:40

 

කුසල් මෙන්ඩිස් තම එක්දින ක්‍රිකට් දිවියේ  ලකුණු දහස අද (30) සම්පුර්ණ කළා.

ඒ,ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ සිම්බාබ්වේ සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේදී.

එහිදී උපුල් තරංග ද තම එක්දින ක්‍රිකට් දිවියේ ලකුණු හයදහස  සම්පුර්ණ කිරීමට එහිදී සමත්වුණා.


කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි අතර පළමු කඩුල්ල ලෙස ලකුණු 10ක් ලබා සිටියදී නිරෝෂන් දික්වැල්ල දැවී ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක අර්ධ ශතක වාර්තා කළා.


 


 

 

 

........................................................................................

තරගය ඇරඹේ - දික්වැල්ලගේ ඉනිම නිමවේ

30-06-2017 10:20

 

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්‌ඩායම් අතර පළමු  එක්‌දින තරගය අද (30 ) පැවැත්වෙනවා.

ඒ,ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දී.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි අතර පළමු කඩුල්ල ලෙස ලකුණු 10ක් ලබා සිටියදී නිරෝෂන් දික්වැල්ල දැවී ගියා.


 


 

....................................................

දාහත් වසරකට පසු ගාල්ලට අද එක්දින ක්‍රිකට් වසන්තය උදාවේ - වනිඳු පිටියට බැස්සොත් ඉතිහාසගතයි

30-06-2017 08:40

 

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්‌ඩායම් අතර තරග පහකින් සමන්විත එක්‌දින තරගාවලියේ පළමු තරගය අද (30 ) පැවැත්වෙනවා.

ඒ,ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දී.

වසර 17 කට  පසුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාත්‍යන්තර එක්‌දින තරගය මෙයයි.


''මුල් දවසේ දැකපු තණ තීරුව නෙමෙයි අද දවසෙ දැක්‌කේ. ඒ නිසා තරගය දවසෙ උදේ වෙනකම් අන්තිම 11 දෙනා තෝරගන්න අමාරුයි.නවක ක්‍රීඩක වනිඳු හසරංග හෝ ළහිරු මධුෂංක දෙදෙනාගෙන් එක්‌ අයෙකු හෝ දෙදෙනාම ක්‍රීඩා කරන්න අවස්‌ථාවක්‌ තියෙනවා. වනිඳු හසරංග තුන් ඉරියව් ක්‍රීඩකයෙක්‌. වේග පන්දු යවන්නන් තුන්දෙනෙක්‌ සහ දඟ පන්දු යවන්නන් දෙදෙනෙක්‌ එක්‌ක යනව ද කියල තමයි ප්‍රශ්නය තියෙන්නේ. අමිල අපොන්සු සහ අකිල ධනංජයත් ඉන්නවා. පිතිකරුවන් ලෙස මමයි උපුල් තරංගයි මැද පෙළින් බැට්‌ කරන්නේ. දික්‌වැල්ල සහ ධනුෂ්ක ඉනිම අරඹනවා.'' යයි ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්‌ ඊයේ (29 ) ගාලු ක්‍රීඩාංගණයේ පුහුණු සැසියට පසුව  මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

ගාල්ල රිච්මන්ඩ් විදුහල නියෝජනය කළ 19 හැවිරිදි වනිඳු හසරංග තුන් ඉරියව් ක්‍රීඩකයකු වීම හේතුවෙන් අංක හත ස්‌ථානයේ ක්‍රීඩා කිරීමට වැඩි අවස්‌ථාව තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කළ චතුරංග ද සිල්වාගේ බාල සොහොයුරා වන බැවින් අද එක්‌දින වරම් දිනා ගතහොත් එකම පවුලේ සහෝදරයන්  ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ පිල නියෝජනය කරන අවස්ථාවක් බවට එය පත්වෙනු ඇති. 

තිලාන් සමරවීර සහ දුලිප් සමරවීර ද  ඊට පෙර රණතුංග සහ වෙත්තමුණි සහෝදරයන් ද ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා.