Friday, March 29, 2024

General line - 0115112241

වත්තල මහා මංකොල්ලයේ පරීක්ෂණ කරන පොලිසිය සේවකයෙකුට දැල එලයි




රාගම බැසිලිකා විද්‍යාලය අසළ දී ඉකුත් 26 වැනිදා සිදුවූ රුපියල් ලක්ෂ 77ක මුදල් කොල්ලය සඳහා එම මුදල් අයත් වූ රෙදිපිලි අළෙවි සැලේ සේවකයෙකුද සම්බන්ධ බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා.

මෙම කොල්ලය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ කැළණිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයයි.

පුද්ගලයින් පස් දෙනෙකු සම්බන්ධයෙන් ඔවුන්ගේ වැඩි අවධානය යොමුවී තිබෙනවා.

මෙම සැකකරුවන් අතර කාලයක් යුද හමුදාවේ සේවය කළ අයද සිටින බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

සැකකරුවන් මෙලෙස කොල්ලකා තිබුණේ වත්තල ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලක සිට කඩවත ප්‍රදේශයට රැගෙන යමින් තිබූ මුදල් තොගයක්.