Thursday, April 18, 2024

General line - 0115112241

රාජගිරියේ සුපිරි වෙළඳ සැළේ ගින්න පාලනය කෙරේ (PHOTO)




රාජගිරියේ සුපිරි වෙළඳ සැළක අද (02) අලුයම හටගත් ගින්න මේ වන විට පාලනය කර ඇති බව කෝට්ටේ නගර සභා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් සඳහන් කළා.

ගින්න හටගත්තේ සුපිරි වෙළඳ සැළේ ගෑස් ගබඩාවක වන අතර පසුව ගින්න සුපිරි වෙළඳ සැළ දක්වා ව්‍යාප්ත වුණා.

ගින්න මැඩ පැවැත්වීම සඳහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා රථ 03ක් සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් රථයක්, කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ගිනි නිවීම් රථයක් යොදා ගැනුනා. 

රාජගිරියේ HSBC ගොඩනැගිල්ල ආසන්නයේ මෙම ගෑස් ගබඩා කර ඇති සුපිරි වෙළඳ සැළ පිහිටා තිබෙනවා.

අදාළ ගොඩනැගිල්ලේ සිදු වූ විදුලි කාන්දුවක් ගින්න ඇති වීමට හේතුව ලෙසයි මේ වන විට අනාවරණය කරගෙන ඇත්තේ.

--------------------------------

රාජගිරියේ  සුපිරි වෙළඳ සැළක ගෑස් ගබඩාවක් ගිනි ගනී 

(2017 - 07 - 02 06:24)

රාජගිරියේ සුපිරි වෙළඳ සැළක ගෑස් ගබඩාවක ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ අළුයම 5.30ට පමණ ගින්න හටගෙන ඇති බවයි.

මේ වන විට ගින්න සුපිරි වෙළඳ සංකීර්ණය තුළටද ව්‍යාප්ත වීමේ අවධානමක් පවතිනවා.

ගින්න මැඩ පැවැත්වීම සඳහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා රථ 03ක් සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් රථයක් ද යොදා තිබෙනවා.

ඊට අමතරව කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවෙන්ද ගිනි නිවීම් රථයක් යොදා තිබෙනවා.

රාජගිරියේ HSBC ගොඩනැගිල්ල ආසන්නයේ මෙම ගෑස් ගබඩා කර ඇති සුපිරි වෙළඳ සැළ පිහිටා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.