Saturday, April 20, 2024

General line - 0115112241

‌"ඩෙංගු මර්දනයට සහය අවශ්‍යනම් අපිට කතා කරන්න" - "වී ලීඞ් ශී‍්‍ර ලංකා" තවත් මෙහෙයුමක්




"වී ලීඞ් ශී‍්‍ර ලංකා" සංකල්පය යටතේ ආරම්භ කෙරුණු ඩෙංගු මර්දන මෙහෙයුම තවදුරටත් පුළුල් කිරීමට නෙත් එෆ් එම් රේඩියෝව කටයුතු කරමින් සිටිනවා.

වෙනත් පාර්ශ්වවලට චෝදනා කිරීමට හෝ විසඳුම් සාකච්ඡා කිරීමට පමණක් සීමා නොවී ඩෙංගු මර්දනය සඳහා සකී‍්‍රයව සහභාගිවීමට මහජනතාව උනන්දු කරවීමයි මෙහිදී සිදු කෙරෙන්නේ. 

ඒ අනුව ඩෙංගු වාහක මදුරුවන් බෝවිය හැකි ස්ථාන දුටුවහොත් තනි තනිව හෝ කණ්ඩායම් ලෙස එක්වී ඒවා විනාශ කිරීමට වහාම මැදිහත් වන ලෙස අප ඔබට යෝජනා කර සිටිනවා.

එවැනි කි‍්‍රයා සඳහා සහායවීමට සහ ප‍්‍රචාරයක් ලබාදීමට ද නෙත් එෆ් එම් රේඩියෝව සූදානම්. ඒ අනුව මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට හෝ ඩෙංගු මර්දනය සඳහා ඔබ විසින් සිදුකරන වෙනත් කි‍්‍රයා අප වෙත දැනුම්දීමට අද (02) සිට ක්‍ෂණික ඇමතුම් අංකයක් ද විවෘතයි. 

ඔබ වෙසෙන හෝ ඔබ යන එන ස්ථානයකදි ඔබ දකින මදුරුවන් බෝ විය හැකි කිසියම් ස්ථානයක් විනාශ කිරීමට ඔබට තනිව කළ හැකි දෙයක් නොමැති නම් ඒ පිළිබඳවද මෙම ක්‍ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස අප ඉල්ලා සිටිනවා. 

එවිට එවැනි ස්ථාන පිළිබඳ අදාළ පාර්ශ්ව දැනුවත් කර ඒවා ඉවත් කිරීම සඳහා සුදුසු කි‍්‍රයාමාර්ග ගැනීමට නෙත් එෆ් එම් රේඩියෝව සූදානම්. 

077 200 18 65 යන්න අදාළ ක්‍ෂණික ඇමතුම් අංකයයි.