Wednesday, April 24, 2024

General line - 0115112241

දුප්පතාගේ හිතවතා ශක්තිමත් කරන බව ජනපති කියයි




සමූපකාර ව්‍යාපාරය බදුවලින් නිදහස් කිරීම සඳහා ඉදිරියේදී උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මේ හරහා මෙරට දුගී භාවය තුරන් කිරීමට හැකියාව ලැබෙන බවයි.

කුරුණැගල මාළිගාපිටිය ක‍්‍රීඩාංගණයේ පැවති අනූ පස්වන ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

එහිදී ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ "දුප්පතාගේ හිතවත් මිත්‍රශීලි ජාතික ව්‍යාපාරය ලෙස සමූපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීම කියන්නේ අපේ රටේ දුගී භාවය, දුප්පත්කම, නැති බැරිකම තුරන් කිරීම සඳහා මූලික වශයෙන්ම තිබෙන පුළුල් ජාතික ව්‍යාපාරයයි." යනුවෙනි.