Wednesday, April 24, 2024

General line - 0115112241

චීනයෙන් ප්‍රබල රොකට්ටුවක් (VIDEO)




ප්‍රබල රොකට්ටුවක් චීනය අද (02) උඩුගුවනට යොමු කිරීමට සැළසුම් කර තිබෙනවා.

Long March 5 Y2 ලෙස නම් කර ඇති මෙම රොකට්ටුව දකුණු දිග චීනයේ හයිනෑන් ප්‍රාන්තයෙන් උඩුගුවනට යවන බවයි එරට රජය ප්‍රකාශ කළේ.

මෙය අභ්‍යවකාශ මධ්‍යස්ථානයකට අවශ්‍ය උපාංග, ගවේෂණ උපකරණ සහ සන්නිවේදන චන්ද්‍රිකා රැගෙන යා හැකි ආකාරයෙන් සැළසුම් කර ඇති අතර, ටොන් 25 ක බරක් මෙමගින් රැගෙන යා හැකි බවද සඳහන්.

අද ක්‍රියාත්මක කෙරෙන රොකට්ටුව මගින් පර්යේෂණ සන්නිවේදන චන්ද්‍රිකා 18 ක් රැගෙන යන බවයි චීන රජයේ අභ්‍යවකාශ පරිපාලන ආයතනය සඳහන් කළේ.