Thursday, April 25, 2024

General line - 0115112241

කැනඩාවේ 150 වන සංවත්සරය අදයි (VIDEO)




අදට යෙදෙන කැනඩාවේ 150 වන සංවත්සරය සමරමින් රට පුරා උත්සව රැසක් සංවිධාන කර තිබෙනවා. 

එරට ඔටාවා නුවර පැවැත්වෙන සංවත්සර උළෙල සඳහා කැනඩා ජාතිකයින් දහස් සංඛ්‍යාත පිරිසක් එක්වුණා. 

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ එහිදී සාම්ප්‍රදායිකව ඉංග්‍රීසි සහ ප්‍රංශ බසින් උත්සවය ඇමතීම විශේෂත්වක්. 

මෙම භාෂා දෙකම කැනඩාවේ නිල භාෂා වශයෙන් පිළිගැනෙනවා. 

අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ කැනඩාව වෙත මුල් පදිංචිකරුවන් පැමිණි දින සිට ඔවුන් "මර්දනයේ ගොදුරු" බවට පත්වූ බවයි. 

සංහියාව දිනා ගැනීම සඳහා තවත් විශාල වැඩ කොටසක් ඉටු කිරීමට තිඛෙන බවද ඔහු කියා සිටියා.