Friday, April 26, 2024

General line - 0115112241

‌මොරගහකන්ද අවසන් වන මොහොතේ මෙතෙක් නොදුටු ඡායාරූප මෙන්න




ඉදිකිරීම්වල අවසන් අදියරේ පවතින මොරගහකන්ද ජලාශයේ ගුවනින් ලබා ගත් ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය මගින් මේ වන විට නිකුත් කර තිබෙනවා.

කඩිනම් මහවැලි සැලැස්මේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශය ලංකාවේ එකම ස්ථානයකය සිට ගල්,පස් හා කොන්ක‍්‍රිට් යොදා සකසන ලද වේලී තුනක් එකවර නැරඹිය හැකි එකම ජලාශය වීම ද විශේෂත්වයක්.

අඹන්ගඟ හරස් කර තැනු උසින් මීටර්  61.3 හා දිගින් මීටර් 470 වු ගල්පිරවු ප‍්‍රධාන වේල්ලත්, උසින් මීටර් 58 ක් හා දිගින් මීටර් 375 ක් වූ කොන්ක‍්‍රිට් යෙදු වේලි අංක දෙකත්, පස්වලින් සැඳුම්ලත් උසින් මීටර් 21.05 හා දිගින්  මීටර් 375 ක් වූ සැදැලි වෙලි අංක දෙක ලෙස නම්කර ඇති මහා වෙල්ලටත් මැදිවන්නට මෙම ජලාශය නිර්මාණය කර තිබෙනවා.