Wednesday, April 24, 2024

General line - 0115112241

අද ඇරඹෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියට අපෙන් 03ක්




ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලිය පෝලන්තයේදී අද (19) ආරම්භ වනවා. ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට එක්වන ක‍්‍රීඩකයින් ගණන තුන්දෙනෙක්.

වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයේ එල්.පී. ශ්‍රෙෂාන් ධනංජය දුර පැනීම සහ තුන්පිම්ම ඉසව්වට සහභාගි වනවා. මීරිගම ඞී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ ඩබ්ලිව්. චමිල කුමාරසිරි ද තුන්පිම්ම ඉසව්වට සහභාගි වීමට නියමිතයි. මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ උදිත චන්ද්‍රසේන මීටර් 400 කඩුලූ මතින් දිවීම ඉසව්වට සහභාගි වනවා.