Thursday, April 25, 2024

General line - 0115112241

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතරින් දෙවන ස්ථානය චමරි අතපත්තුට




ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනියන් අතර දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ චමරි අතපත්තු සමත්ව සිටිනවා. 

ඒ ඉනිම් තුනකදි ලකුණු 232 ක් රැස් කර ගනිමින්. 

ඇය ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට එරෙහි පැවති තරගයේදී නොදැවි ලකුණු 178 ක් රැස් කර ගැනීමට සමත් වුණා. 

වැඩිම ලකුණු ලාභිනියන් අතර පෙරමුණේ පසුවන්නේ එංගලන්ත කාන්තා කණ්ඩායමේ හීදර් නයිට්. 

ඇය ඉනිම් 3 කට එක්වෙමින් රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 234 ක්.  

ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන මීළග තරගය හෙට පැවැත්වෙනවා. 

ඒ, ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව එංගලන්තයේ ඩර්බිහිදීයි.