Tuesday, April 23, 2024

General line - 0115112241

අම්මා සොයා කැළය පුරා දිව ගොස් අසනීප වී සිටි අලි පැටවා රැකගත් හැටි (PHOTOS)




මව් ඇතින්නගෙන් මග හැරී අතරමන් වී සිටි මාස 03 ක් පමණ වයසැති අලි පැටවෙකු සොයා ගැනීමට හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි වන නිලධාරීන් සමත්ව තිබෙනවා.

හම්බන්තොට කටුවැව '' සමරකෝන් '' වැව ආසන්නයේ කැළෑ ප්‍රදේශයක වලක වැටී සිටි මෙම  අලි පැටවා ඉන් මුදාගෙන කැලයට යොමු කරත් අලි පැටවාට මව් ඇතින්න සොයා ගැනීමට හැකි වී නැහැ.

ඒ අනුව මෙම අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවනට බාර දුන් බවයි හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි සහකාර ජේ. ඒ.පි. විජය කුමාර පැවසුවේ .

අලි පැටවා බේරා ගැනීමට එම ස්ථානයට ගිය අවස්ථාවේ මව් ඇතින්නිය එම ස්ථානයේ රැඳී සිටි බවත් බේරා ගැනීමේ කටයුතුවලට ඇතින්න බාධාවක් වූ නිසා ඇතින්නව එම ස්ථානයෙන් එළවා දැමීමට සිදුව තිබෙනවා.

පසුව අලි පැටවා බේරා ගෙන මව් ඇතින්නිය ගිය ප්‍රදේශයට මුදා හැරීමට කටයුතු කළත් අලි පැටවා මව් ඇතින්නගෙන් මග හැරී සිටියදී  හම්බන්තොට පතලයාගම  ප්‍රදේශයේ දී යළි සොයා ගැනීමට හැකිව තිබුණා.

එහිදී අලි පැටවාගේ  සෞඛ්‍ය තත්ත්වය අයහපත් වූ බව නිරීක්ෂණය වූ නිසා මෙසේ ඇත් අතුරු සේවනට බාරදීමට කටයුතු කල බවයි අඩවි සහකාර නිලධාරීවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට)