Thursday, April 25, 2024

General line - 0115112241

තවත් ක්‍රීඩකයෙකුට තහනම් උත්තේජක චෝදනාවක් - තාවකාලික තරග තහනමකුත්




තහනම් උත්තේජක චෝදනාවක් හේතුවෙන් මීටර් 400 හතර සහාය දිවීමේ කී‍්‍රඩක ප‍්‍රදීප් කුමාරට තාවකාලික තරග තහනමක් පනවා තිබෙනවා.

ශී‍්‍ර ලංකා තහනම් උත්තේජක නිවාරණ ආයතන පැවසුවේ ඉකුත් ජූනි පළමු වැනිදා ඔහුගෙන් ලබා ගත් මූත‍්‍රා සාම්පලවල තහනම් උත්තේජක අඩංගු වී ඇති බවට පරීක්ෂණවලින් අනාවරණ වූ බවයි. 

ප‍්‍රදීප් කුමාර මේ වන විට ආසියානු මළල කී‍්‍රඩා ශූරතා තරගාවලියට සහභාගිවීම  සඳහා ඉන්දියාවට ගොස් සිටිනවා.

බී සාම්පල පරීක්ෂාවක් සිදු කරන්නේ නම් එ් පිිළිබඳ සිය ආයතනයට දන්වන ලෙසයි තහනම් උත්තේජක නිවාරණ ආයතනය ශී‍්‍ර ලංකා මළල කී‍්‍රඩා සංගමයට දන්වා ඇත්තේ.  

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට ද තහනම් උත්තේජක ලබා ගත් බවට වූ චෝදනාවක් එල්ල වුණා.

නමුත් පසුව ඔහු ඊට නිර්දෝෂී බවටයි අනාවරණය වුණේ.