Friday, April 26, 2024

General line - 0115112241

දිනපු තරගයෙන් සඳකැන් කපන්න හැදු පුවතට පසුව ' මහේල දුන්න ' උත්තරේ මෙන්න




සිම්බාබ්වේ කණ්ඩායම සමග පෙරේදා (02) පැවති තරගයට  ලක්ෂාන් සඳකැන්  සභාගිවීම වළක්වාලීමේ උත්සාහයක් පැවති බවට ඊයේ (03)  nethnews.lk කරුණු අනාවරණය කළා.

එහිදී සඳහන් කෙරුණේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ කළමනාකාරීත්වය දරන විදෙස් පුද්ගලයෙකු මෙම උත්සාහයේ නිරතව ඇති බවයි.

ලක්ෂාන් සඳකැන් වෙනුවට තමන් කළමනාකරු ලෙස කටයුතු කරන වෙනත් ක්‍රීඩකයෙකු තරගයට එක්කිරීමට ඔහු බලපෑම් කළ ද තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියගේ උපදෙස් මත ලක්ෂාන් සඳකැන් තරගයට එක්කර ඇති බව ද  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරිවරයෙකු nethnews.lk වෙත තහවුරු කර තිබුණා.

මේ අතර හිටපු නායක මහේල ජයවර්ධනගේ  ට්විටර් ගිණුම හරහා  චාලි ඔස්ටින් නැමැති ක්‍රීඩකයන් රැසකගේ කළමනාකරු තනතුර දරන පුද්ගලයා සම්බන්ධයෙන්  ප්‍රශ්නයක් යොමු කර තිබුණා.

මහේල පවසා ඇත්තේ එම ප්‍රකාශ හුදෙක්ම කට කතාවක් බවයි.

කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්,නිරෝෂන් දික්වැල්ල,උපුල් තරංග,දිනේෂ් චන්දිමාල්,අසේල ගුණරත්න,දිල්රුවන් පෙරේරා,සීක්කුගේ ප්‍රසන්න,සුරංග ලක්මාල්,ලසිත් මාලිංගසහ නුවන් කුලසේකරගේ කළමණාකරු වන්නේ  චාලි ඔස්ටින් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.