Saturday, April 20, 2024

General line - 0115112241

සෞද් කුමරුගේ හදිසි සංචාරය




සෞදි රජ පවුලට අයත් මීළඟට ඔටුන්න හිමි අබ්දුල් අසීස් අල් සෞද් කුමරු හදිසි සංචාරයක් සඳහා අද (04) ලංකාවට පැමිණියා.

එහිදී අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමු වු අබ්දුල් අසීස් අල් සෞද් කුමරු විදේශ අමාත්‍ය රවී කරුණානායක ද හමු වී අදහස් හුවමාරු කර ගත්තා.

මෙරට ආර්ථික සංවර්ධනය පිළිබඳ අබ්දුල් අසීස් අල් සෞද් කුමරු සිය ප‍්‍රසාදය පළ කළා.

මෙරට වෙළඳ සහ සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳ ප‍්‍රමුඛ අවධානයක් යොමු කරන බවයි ඔහු එහි දි කියා සිටියේ.

වැඩිදුරටත් අදහස් දැක් වූ අසීස් අල් සෞද් කුමරු පැවසුවේ ජාත්‍යන්තර වශයෙන් ඉහළ ආයෝජන සිදු කරන සෞදි ආයෝජකයින් සහ ව්‍යාපාරිකයින් ඉදිරියේ දී ශ‍්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාන සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බවයි.

එම ආයෝජන අවස්ථා පිළිබඳ ඔවුන් දැනුවත් කිරීම සඳහා ව්‍යාපාරිකයින් පිරිසක් සමග එරටට පැමිණෙන ලෙස ද ජනාධිපතිවරයාට ආරාධනා කර සිටියා. 

සෞදි අරාබියේ අතීතයේ පටන් ශ‍්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන සහය මෙහි දී ජනාධිපතිවරයා විසින් අගය කරනු ලැබුවා.