Friday, April 19, 2024

General line - 0115112241

රක්ෂිතයේ ගින්න නිවන්න කවුරුත් නැහැ (PHOTOS)




වැල්ලවාය වරුනගම වදිනහෙලයාය කදු රක්ෂිතයේ ඊයේ (04) සවස් කාළයේ සිට විශාල ගින්නක් පැතිරෙමින් ඇති බව අප වාර්තාකරු පවසනවා.

දැඩි සුලං තත්ත්වය සහ වියලි කාලගුණය නිසා ගින්න මේ වන විට සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

මෙම ගින්න නිසා රක්ෂිතයේ වසර සිය ගනනක් පැරණි ශාක විනාශ වී ගොස් ඇති අතර වන සතුන් රැසක් මරණයට පත්ව ඇති බවත් සඳහන්.

දැනට රක්ෂිතයේ අක්කර විස්සකට වඩා වැඩි ප්‍රමාණයක්  විනාශ වී ඇති බවයි ප්‍රදේශවාසීන් ද පවසන්නේ.

මෙම ගින්න මැඩලීමට මෙතෙක් කිසිවෙකුත්  පැමිණ නැහැ.