Wednesday, April 24, 2024

General line - 0115112241

හම්බන්තොටදී නැවට හැප්පුන ධීවර බෝට්ටු දෙක මෙන්න (PHOTOS)




හම්බන්තොට සහ කුඩාවැල්ල ධීවර වාරයවලින් මුහුදු ගිය ධීවර බෝට්ටු දෙකක් නැව් දෙකක ගැටීමෙන් සිදුවූ අනතුරුවලින් ධීවරයන් තිදෙනෙකු අතුරුදන්වී තිබෙනවා.

කුඩාවැල්ල ධීවර වරායෙන් පසුගිය 30 වැනිදා මුහුදු ගිය IMULA -0526 නැමැති ධීවර බෝට්ටුව සහ හම්බන්තොට ධීවර වරායෙන් පසුගිය 03 වැනිදා මුහුදු ගිය TLK -A0414 නැමැති ධීවර බෝට්ටු මෙසේ අනතුරට ලක්වුණා.

IMULA -0526 අනතුරට පත්වීමෙන් පසු  දිවි බේරාගෙන ඇති ඩබ්ලිව් .මහින්ද නැමැත්තා හම්බන්තොට පොලීසියට පවසා ඇත්තේ බෝට්ටුවේ ගමන් ගත් අනෙක් තිදෙනා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තමන් නොදන්නා බවයි.

මේ අතර TLK -A0414 ධීවර බෝට්ටුව අනතුරට පත්වීමෙන් පසු එහි සිටි ධීවරයන් හතර දෙනා දිවි බේරාගෙන තිබෙනවා.

මෙම අනතුරුවලින් දිවි බේරාගත් ධීවරයන් පස්දෙනා ඊයේ (04) රාත්‍රියේ හම්බන්තොට ධීවර වරායට රැගෙන විත් තිබුණා.

එහිදී කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අනතුරට පත්ව දිවි බේරාගත් ධීවරයා රෝගී තත්ත්වයෙන් පසුවීම නිසා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අතුරුදන් වූ ධීවරයන් තිදෙනා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් අනාවරණ වී නැහැ.

(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි)