Wednesday, April 24, 2024

General line - 0115112241

චමරි වාර්තාවක් අභියස




ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ චමරි අතපත්තුට තවත් වාර්තාවක් පිහිටුවීමේ අවස්ථාවක් හිමිව තිබෙනවා. ඒ, එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගවලදී ලකුණු දෙදහසේ සීමාව පසුකළ පළමු ශී‍්‍ර ලාංකික පිතිකාරිණියවීමේ අවස්ථාවයි.

ඇය මේ වනවිට එක්දින කි‍්‍රකට් පිටියේ රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 1907ක්. මේ අතර ලෝක කුසලාන කාන්තා එක්දින කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ  ඉන්දියාව අතර තරගය අද (05) පස්වරුවේ පැවැත්වෙනවා. ඒ අනුව චමරි අතපත්තු අද තරගයේදී මෙම වාර්තාවට ළගාවීමට චමරි අතපත්තුට අවස්ථාව හිමි වී තිබෙනවා.