Thursday, April 25, 2024

General line - 0115112241

සයිටම් අහෝසි කරන්න ඕනම තීන්දුවක් ගන්නවා - GMOA




සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම වෙනුවෙන්  ඕනෑම දැඩි තීන්දුවකට එළඹීමට පසුබට නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මේ බව කියාසිටියේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ අද (05) පස්වරුවේ පැවති සයිටම් විරෝධී සිසු ජනරැළියට එක්වෙමින්. 

මේ ලෝකෙ කිසිතැනක වෛද්‍ය පීඨයක් තියෙන්න බැහැ තමන්ගෙ රටේ අනුකූල තාවය නැති. දෙයිහාමුදුරුවනේ මේ රටේ ජනාධිපතිවරයට අගමැතිවරයට මේක තේරෙන්නෙ නැද්ද? අපි විශ්වාස කරනව අපි තේරෙණ භාෂාවෙන් කතාකරගෙන එනව කියල. ඒක ඉස්සසරහට තීර්‍ව කරන්න ඕන වුණොත් ඕනම පියවරකට යන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුබට වෙන්නේ නැහැ.