Thursday, March 28, 2024

General line - 0115112241

කාන්තා ලෝක කුසලානයට සටන් වදින ලංකාවට ඉන්දියාවෙන් 231ක ඉලක්කයක්




ලෝක කුසලාන කාන්තා එක්දින කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර තරගය එංගලන්තයේ ඩර්බිහිදී දැන් පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුළු 08 ක් දැවී ලකුණු 230 ක් ලබා ගත්තා. දීප්ති ශර්මා ලකුණු 78 යි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ශී‍්‍රපාලි වීරක්කොඩි ලකුණු 28 කට කඩුලූ 3 ක් දවා ගත්තා. නායිකා ඉනෝකා රණවිර ලකුණු 55 කට කඩුලූ 2 ක් බිද හෙලීමට සමත් වුණා. ලකුණු 231 ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹායාම සදහා ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකාරිණියන් යුගල පිටියට පිවිසීමට නියමිතයි.

තරඟ විස්තර මෙතනින් බලන්න