Friday, April 26, 2024

General line - 0115112241

චීනයේ සිට මැලේසියාවට ගුවනින් ගිය දෙවිවරු තිදෙනා




ගුවනින් ගිය දෙවිවරු තිදෙනකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඡායාරූප එකතුවක් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. බීබීසිය පවසන්නේ චීනයේ සියාමෙන් නගරයේ සිට මැලේසියාවේ කවාලාලම්පුර් නුවර බලා පියාසර කළ ගුවන් යානයක ව්‍යාපාරික පන්තියේ වැඩම වූ චීන දෙව් රූ තුනක ඡායාරූප බවයි.


දකුණු චීනයේ මෙන්ම මැලේසියාව, වියට්නාමය හා තායිවානය වැනි චීන බෞද්ධ ප්‍රජාව මෙන්ම තාඕ බැතිමතුන් අතර පුළුල්ව වන්දනයට පාත්‍රව සිටින 'මාසූ' (මත්සු ලෙසද හැඳින්වේ) නම් දෙවඟන දෙව් රූ අතරින් පළමුවැන්නීය යි. අනෙක් දෙදෙනා වන්නේ 'මාසූ' දෙවඟනගේ ආරක්ෂකයින් වන 'කියන්ලියන්' සහ 'ශුන්ෆෙන්ග්'අර්' දේව රූපයි.

'කියන්ලියන්' දිගු දුර දැකීමේ බලයකින් සමන්විත වන බව විශ්වාස කරනවා.

සුළගේ පාවන ඕනෑම ශබ්දයක් ඇසීමේ හැකීයාව අසුරයකු වන 'ශුන්ෆෙන්ග්'අර්' සතු වන අතර ඉදිරියේ එන කුණාටු හමුවේ නාවිකයින් මෙන්ම නැව්වලට ද ඔහු සහය වේ යැයි විශ්වාස යක් පවතිනවා.


මෙම දෙව් රූ තුන චීනයේ 'මෙයිශු මාසූ' දෙවොල විසින් මැලේසියාව හා සිංගප්පූරුව වෙත පිටත්කර හරිනු ලැබ ඇත්තේ සමුදුරු දෙවඟනට උපහාර පිදීමට හා ඇය වෙනුවෙන් උත්සවයක් සැමරීමේ සමාරම්භක සංස්කෘතික හුවමාරු චාරිකාවක් වෙනුවෙනි.