Tuesday, April 23, 2024

General line - 0115112241

රට යා යුතු මග ගැන ජනපති දැනුවත් කරන්න මහනායක හිමිවරු අද මැදුරට වඩී




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ මල්වතු අස්ගිරි පාර්ශ්වය ඇතුළු ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගේ හමුවක් අද (06) පැවැත්වෙනවා.

පස්වරු 2.30 ට මහනුවර ජනාධිපති මන්දිරයේ දී මෙම හමුව පැවැත්වීමට නියමිතයි.

රටේ වත්මන් තත්ත්වය පිළිබඳ මහනායක ස්වාමීන් වහන්සේලා සහ ජනාධිපතිවරයා අතර මෙහි දී සාකච්ඡා පැවැත්වෙනු ඇති බවයි අනාවරණ වුණේ.

අස්ගිරි මහ විහාරයට රැස් වූ ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය ආණ්ඩුවට ඉදිරිපත් කිරීම සඳහා යෝජනාවලියක් සම්මත කර ගත්තා.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මේ මොහොතේ අවශ්‍ය නොවන බව එහි දී සම්මත කර ගත් එක් යෝජනාවක්.

සංශෝධිත ව්‍යවස්ථාවක් පමණක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බවත් , එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සති දෙකකට පෙර මහා සංඝරත්නයට ඉදිරිපත් කළ යුතු බව එම යෝජනාවේ අන්තර්ගතයි.

"මෙරට සිංහල බෞද්ධ රටක්ය" යන්න තහවුරු වන සේ අවශ්‍ය පසුබිම රජය විසින්ම තහවුරු කල යුතුය යන්න එහිදී සම්මත කර ගත් තවත් යෝජනාවක්.

මේ ඇතුළු මහ සංඝරත්නය සම්මත කර ගත් යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත භාර දීම ද මෙහි දී සිදු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.