Wednesday, April 24, 2024

General line - 0115112241

"ලංකාව මට්ටුකරන්නේ දඟ පන්දුවෙන්" - අද තීරණාත්මක තරගයට පෙර සිම්බාබ්වේ කියන කතාව  




ශ්‍රී ලංකා සිම්බාබ්වේ තෙවැනි එක්දින තරගය අද (06) සූරියවැව මහින්ද රාජපක්‌ෂ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

දිවා තරගයක්‌ වන මෙය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 9.45 ට ආරම්භ වීමට නියමිතයි.

මහින්ද රාජපක්‌ෂ ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර තරගයක්‌ පැවැත්වෙන්නේ වසර දෙකකට පසුවයි.

ඊයේ (05) සවස්‌වරුවේ පුහුණුවීම්වලට පැමිණි සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර් පවසා සිටියේ දඟ පන්දු යවන්නන්ගෙන් ශ්‍රී ලංකාව පාලනය කිරීමට උත්සාහ දරන බවයි.

"අපේ රිවර්ස්‌ ස්‌විප් සහ ස්‌විප් පහරවල් වලට දෙවැනි තරගයේදී වැට බැඳුනා. ඒ නිසා අපිට තවත් විකල්පයක්‌ තියෙනවා. මේ ක්‍රීඩාංගණය ඇත්තටම මනරම් ක්‍රීඩාංගණයක්‌. හතරේ සීමාවත් ගොඩක්‌ ලොකුයි. අපි දඟ පන්දු යවන්නන්ගෙන් තමයි ශ්‍රී ලංකා පිල මට්‌ටු කරන්න බලන්නේ" යනුවෙන් ඔහු සඳහන් කළා.