Saturday, April 20, 2024

General line - 0115112241

කොළඹ කුණු දාන අලුත්ම තැන මෙන්න




කොළඹ නගරය තුළ ගොඩගැසී ඇති කැළිකසල ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය පවසනවා.

ඒ අනුව සනීපාරක්‍ෂක කසල රඳවනයකට මෙම කසල බැහැර කිරීම සඳහා පාඨලී චම්පික රණවක සහ ෆයිසර් මුස්තාෆා යන අමාත්‍යවරුන්ද එක්ව තීරණයක් ගත් බවයි ඔහු ප‍්‍රකාශ කළේ.

මුතුරාජවෙල අභය භූමියට කැළිකසල බැහැර කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.  

ඒ අනුව කොළඹ ප‍්‍රදේශයේ එකතු වන කැලිකසල බැහැර කෙරෙන්නේ කිනම් ස්ථානයකට දැයි නෙත් නිවුස් ප‍්‍රධාන අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කළා.

එහිදී ඔහු සඳහන් කළේ ප්‍රශ්න ඇති නොවන ආකාරයට කැළිකසල බැහැර කිරීමට හැකි ස්ථාන පිළිබඳව ද මේ වන විට හඳුනාගෙන ඇති බවයි.

මේ අතර ඊයේ (05) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා ද මේ පිළිබඳ අදහස් පළ කළා.

කොළඹ නගර සභාවේ කසළ කළමනාකරණ වැඩසටහන් අන්ත දූෂිත බවයි අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ.