Saturday, April 20, 2024

General line - 0115112241

අද උදේම සාගරිකා තවත් දිවියක් බිළි ගනී 




අම්බලන්ගොඩ ගල්දූව ආරණ්‍ය සේනාසනය අසළ ප්‍රදේශයේදී අද (06)අලුයම සාගරිකා දුම්රියේ ගැටී  එක් අයෙකු ජිවිතක්ෂයට පත්වුණා.

දුම්රිය හරස් මාර්ගයේදී මෙසේ අනතුරට ලක්ව ඇත්තේ  යතුරු පැදියක ගමන්ගත් පුද්ගලයෙකුයි.

ඒ වනවිට දුම්රිය ගේට්ටුකරු එක් පෙදෙසක ගේට්ටුවක් පමණක් වසා තිබී ඇති අතර අනෙක් පස ගේට්ටුව දෙසින් පැමිණි යතුරු පැදිය දුම්රියේ ගැටී තිබෙනවා.

යතුරුපැදිකරුට තිරිංග ක්‍රියාත්මක කර ගැනීමට නොහැකිවීම නිසා දුම්රියේ ගැටී ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් සඳහන් කළේ.