Thursday, April 18, 2024

General line - 0115112241

ඛනිජ වැලිවලට අලුත් වටිනාකමක්




ඛනිජ වැලිවල වටිනාකම වැඩි වන ආකාරයෙන්  නිෂ්පාදන සකස් කර ගැනීමේ පහසුව ඇති කරන යන්ත‍්‍රාගාරයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව යන්ත‍්‍රාගාරය ඉදිකිරීමට  සුදුසු  ආයෝජකයින් ගෙන්වා ගැනීම සඳහා විවෘත ටෙන්ඩර් කැඳවන බවයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ප‍්‍රකාශ කළේ.

මෙම යන්ත‍්‍රාගාරය ඉදිවීමෙන් විදේශ විනිමය ශී‍්‍ර ලංකාව තුළට වැඩි වශයෙන් ළගා කර ගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.