Thursday, April 25, 2024

General line - 0115112241

මංතීරු නීතියට වෙච්ච දේ




කොළඹ නගරය තුළ මංතීරු නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බව පොලිසිය මීට කෙටි කළකට පෙර ප‍්‍රකාශ කළා.

එහෙත් කොළඹ නගරය තුළ මංතීරු නිතිය නිසි පරිදි ක‍්‍රියාත්මක නොවන බවයි ඇතැම් පිරිස් පෙන්වා දෙනවා.

කොළඹ නරගයේ සංචාරයක නිරත වූ නෙත් නිවුස් කණ්ඩායම මේ පිළිබඳ රියදුරන්ගෙන් අදහස් විමසීමක් කළා.

එහිදී ඇතැම් රියදුරන් කියා සිටියේ කොළඹ නගරයේ මාර්ගවල ඇති අඩුපාඩු සහ අධික මාර්ග තදබදය නිසා මංතීරු නීනිය නිසි ලෙස පිළිපැදීමෙන් රියදුරන් අපහසුතා රැසකට පත්වෙන බවයි. ඕනෑම අයෙකුට බලා සිට නීති ගෙන ඒමට හැකි වුවද ඒවා ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ප්‍රායෝගික ගැටලු පිළිබඳව අවබෝධයක් නොමැති බවත් සඳහන් කළා.

තවත් පිරිසක් සඳහන් කළේ මාර්ග නීති ක්‍රියාත්මක වන්නේ නම් රියදුරන් පිළිවෙලකට රථ ධාවනය කරන්නට කටයුතු කරන බවයි. එවින අනවශ්‍ය ලෙස වාහන හැසිරවීමෙන් රියදුරන් විසින් ඇති කරන රථවාහන තදබදය මගහැරී යනු ඇති බවද පෙන්වා දුන්නා. විනයගරුක රියදුරන් පිරිසක් බිහිවීම හරහා මාර්ග අනතුරුද අවම කර ගත හැකි බවයි ඔවුන්ගේ මතය වී තිබෙන්නේ.