Saturday, April 20, 2024

General line - 0115112241

අද ඇරඹෙන ආසියනු මලල කී‍්‍රඩා ශූරතාවටවත් 'සුගත් -දර්ශා' පැරදවිය හැකිද 




22 වන ආසියනු මලල කී‍්‍රඩා ශූරතා තරගාවලිය ඉන්දියාවේ ඔඩිෂා ප‍්‍රාන්තයේ බුබනේෂ්වර් කාලිංග කී‍්‍රඩාංගණයේදී අද (06) ආරම්භ වනවා. 

රටවල් 45ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා එක්ව සිටින කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව අටසියයක අධිකයි. 

මෙවර ආසියානු මලල ශූරතා තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 22 දෙනෙකු සහභාගි වනවා. 

මෙවර තරගාවලියට වැඩිම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාවක් සහභාගි වන්නේ සත්කාරක ඉන්දියාවෙන්. 

එම සංඛ්‍යාව 95 ක්. 

ජපානය නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 59 දෙනෙකු සහභාගි වනවා. 

මෙවර ආසියානු මලල කී‍්‍රඩා තරගාවලියේ පදක්කම් බලාපොරොත්තු තබා ගත හැකි ශී‍්‍ර ලාංකික කී‍්‍රඩිකාවන් කිහිපදෙනෙකුම සිටිනවා. 

කාන්තා මීටර් 800 ධාවන ඉසව්වට එක්වන නිමාලි ලියනාරච්චි මෙන්ම කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වට එක්වන දිල්හානි ලේකම්ගේ පදක්කම් බලාපොරොත්තු රඳවා ගත හැකි ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන් දෙදෙනෙක්. 

පිරිමි මීටර් 400 හතර සහාය දිවීමේ ඉසව්වෙන්ද පදක්කමක් බලාපොරොත්තු විය හැකි බවයි ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමය සඳහන් කළේ.   

ආසියානු මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ ජවය උරගා බලන මෙවර ආසියානු මලල කී‍්‍රඩා ශූරතා තරගාවලිය වැඩි දෙනාගේ අවධානය දිනාගෙන ඇත්තේ ඉදිරියේ පැවැත්වෙන ලෝක ශූරතා මලල කී‍්‍රඩා තරගාවලිය හේතුවෙන්. 

මෙතෙක් ලෝක ශූරතා පරිසාධන මට්ටම ඉක්මවීමට නොහැකි වූ බොහෝ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අදින් ආරම්භ වන මෙම තරගාවලියේදී සිය උපරිම ශක්තිය යොදවනවාට කිසිම සැකයක් නැහැ. 

ශී‍්‍ර ලංකා  ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් කිහිප දෙනෙකුට ද එම ඉලක්කය සපුරා ගැනීමට ලැබෙන අවසන් අවස්ථාවද මෙයයි.


ආසියානු මලල කී‍්‍රඩා ශූරතා තරගාවලි ඉතිහාසයේ ශී‍්‍ර ලංකාව  මේ දක්වා   දිනා ඇති මුළු පදක්කම් සංඛ්‍යාව 50ක්. 

ඊට රන් පදක්කම් 18ක්, රිදී පදක්කම් 13ක් සහ ලෝකඩ පදක්කම් 19ක් ඇතුළත්. 

අවසන් වරට පැවැති ආසියානු මලල කී‍්‍රඩා ශූරතා තරගාවලි දෙකෙහිදීම ශී‍්‍ර ලංකාවට දිනා ගත හැකි වී ඇත්තේ පදක්කම් 4ක් පමණයි. 

කෙසේ වෙතත් ආසියානු මලල කී‍්‍රඩා ශූරතා තරගාවලි වාර්තා 3ක් තවමත් ශී‍්‍ර ලංකා ධජය ඉදිරියෙන් සටහන් වීම විශේෂයන් සඳහන් කළ යුතුයි. මීටර් හාරසියය පිරිමි ධාවන ඉසව්වේ ආසියානු වාර්තාව තවමත් තිබෙන්නේ සුගත් තිලකරත්නගේ නම ඉදිරියෙන්.

දමයන්ති දර්ශා පිහිටු වූ මීටර් 200 සහ මීටර් 400 කාන්තා ධාවන ඉසව්වල ආසියානු වාර්තාව බිඳ  හෙලීමටද කිසිවෙකු මෙතෙක් සමත් වී නැහැ.