Saturday, April 20, 2024

General line - 0115112241

උමා ඔය ගැන ජනපති සහ අගමැති කතා කරයි




මේ වන විට රට තුළ මහත් මතභේදයකට තුඩු දී තිබෙන උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව එහි වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ජනාධිපති සහ අගමැති තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

උමා ඔය ව්‍යාපෘතිය නිසා හානියට පත් ප්‍රදේශයන්හි සමාජ, පාරිසරික, ආර්ථික ගැටලුවලට විසඳුම්  නොලැබුණහොත් ඉදිරියේදී දැඩි තීන්දු ගැනීමට සිදුවන බවයි උමාඔය බහු  ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරය පවසන්නේ.

 මේ අතර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගියදා  කැබිනට් අනු කමිටුවක් ද පත් කෙරුණා. එහිදී ද උමා ඔය ව්‍යාපාරයේ තත්ත්වය සොයා බැලීමට ගිය නියෝජිතයින්ට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වුණේ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින්