Thursday, April 25, 2024

General line - 0115112241

හිටපු නි. ඇමති කරපු වරද පිළිගනී - දඬුවම 20 වැනිදා




වත්කම් බැරකම් ප‍්‍රකාශ හෙළි නොකිරීමේ චෝදනාවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද (06) වරද පිළිගත්තා.

ඒ අනුව ඔහුට දඬුවම් නියම කිරීම ලබන විසි වැනිදා සිදුකරනු ඇති.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඔහු කටයුතු කළ සමයේ 2006 සහ 2007 යන වසරවලදී වත්කම් බැරකම් හෙළි නොකල බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.  

සිද්ධියට අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදී ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර නියෝග කළේ සැකකරුගේ ඇගිලි සලකුණු වාර්තාවක්ද ලබාගන්නා ලෙසයි.

කිසිඳු හේතුවක් නොදක්වා සරණ ගුණවර්ධන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා වත්කම් බැරකම් හෙළිකර නොමැති බවට චෝදනා කරමිනුයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මෙම නඩුව පවරා ඇත්තේ.