Thursday, March 28, 2024

General line - 0115112241

ඉන්දියාව ඉදිරියේ පරාජය වුවත් 'අතපත්තු' ලෝක කුසලානයේ ඉහළටම 




ලෝක කුසලාන කාන්තා එක්දින කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (05) පැවති තරගයයෙන් ලකුණු 16ක ජයක් ලැබීමට ඉන්දියාව සමත් වුණා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුළු 08 ක් දැවී ලකුණු 232ක් ලබා ගත්තා. 

දීප්ති ශර්මා ලකුණු 78 ක් එහිදී ලබා ගැනීමට සමත්වුණා.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 7ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 216ක් පමණයි.


මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ චමරි අතපත්තු මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ පිතිකාරිනිය බවට පත්ව තිබෙනවා.

ඒ,ඊයේ තරගයේදී ලකුණු 25ක් ලබා ගැනීමත් සමගයි.