Friday, April 19, 2024

General line - 0115112241

ලංකාවට එරෙහිව සටනට කැඳවූ 'සිම්බාබ්වේ පිතිකරු' ඊයේ රෑ හෝටලයෙන් රෝහලට




සූරියවැව මහින්ද රාජපක්‌ෂ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී අද (06) පැවැත්වෙන  ශ්‍රී ලංකා සිම්බාබ්වේ තෙවැනි එක්දින තරගයට සහභාගිවීමට සිටි සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරුවෙකු වන Ryan Ponsonby Burl නමැති ක්‍රීඩකයා ඊයේ (05) රාත්‍රී 08 ට පමණ හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ සම්බන්දයෙන් හම්බන්තොට මහරෝහලේ රෝහල් අධ්‍යක්ෂක සුමිත් මනතුංගගෙන් nethnews.lk වාර්තාකරු   කළ  විමසීමකදී ඔහු ප්‍රකාශකර සිටියේ හෝටලයේදී ආහාරයට ගන්නා ලද යමක් නිසා අසාදිත තාවයක් මත  ක්‍රීඩකයා රෝහල් ගත කල බවයි.

රෝගියාගේ තත්ත්වය  බරපතල නොවන බව ද ඔහු කියා සිටියා. 

අද (06 ) දින එම ක්‍රීඩකයා රෝහලෙන් පිටවයාමට ට හැකියාව තිබෙන බවද රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටියා.

(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට)

(FILE)