Saturday, April 20, 2024

General line - 0115112241

"එක කළමණාකරුවෙක් ක්‍රීඩකයන් රැසක් පාලනය කරනවා"




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩකයන් විශාල පිරිසක් එකම කළමණාකරුවෙකු විසින් පාලනය කිරීම තමන් කිසිසේත් අනුමත නොකරන බව කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

එම ක‍්‍රමය වෙනස් කරන ලෙස අදාළ පාර්ශ්වයන්ට තමන් දැනුම් දී ඇති බවද කි‍්‍රඩා අමාත්‍යවරයා කියාසිටයා.

ඔහු පෙන්වා දුන්නේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන් දස දෙනෙකු පමණ එකම පෞද්ගලික කළමණාකරුවෙකු විසින් පාලනය කරන බවයි.

එය කී‍්‍රඩාවේ උන්නතියට බාධාවක් බවයි කී‍්‍රඩා අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

පසුගියදා සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරගයට ලක්ෂාන් සදකැන් ඇතුළත් නොකිරීමට මෙවැනි කළමණාකරුවෙකු උත්සාහ දැරූ බවටද චෝදනා එල්ල වී තිබුණා.