Friday, April 26, 2024

General line - 0115112241

කඩුලු 8කින් ලංකාව ජය ගනී 




ශී‍්‍ර ලංකාව සහ සිම්බාබ්වේ අතර  අද (06) පැවැත්වෙන තුන්වන එක්දින කි‍්‍රකට් තරගයේදී  ශ්‍රී ලංකාව කඩුලු 8ක ජයක් අත්කර ගත්තා.

සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 දැවී ලකුණු 310 ක් ලබා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව කඩුලු දෙකක් පමණක් දැවී ජය වාර්තා කළා.

එහිදී ආරම්භක පිතිකරුවන්  ශතක ලබා ගත්තා.

ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන දෙදෙනාම මෙහිදී ලබා ගත්තේ සිය මංගල ශතකයි.


 

.......................................................

ධනුෂ්ක දික්වැල්ල දෙන්නම 'මංගල ශතක ලබමින්' හම්බන්තොට පිටිය දෙවනත් කළ  හැටි 

06-07-2017 16:42

 

ශ්‍රී ලංකා සිම්බාබ්වේ තෙවන තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිළ මේවනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 222ක් ලබා සිටිනවා.

එහිදී ආරම්භක පිතිකරුවන්  ශතක ලබා ගත්තා.

ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන දෙදෙනාම මෙහිදී ලබා ගත්තේ සිය මංගල ශතකයි.

පළමු කඩුල්ල ලෙස නිරෝෂන් දික්වැල්ල මීට මොහොතකට පෙර දැවී ගියා.


 

 

 

...............................................................

ශ්‍රී ලංකාවට 311 ක ඉලක්කයක් (UPDATE)

06-07-2017 13:42

ශී‍්‍ර ලංකාව සමග අද (06) පැවැත්වෙන තුන්වන එක්දින කි‍්‍රකට් තරගයේදී  සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 දැවී ලකුණු 310 ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇති ඉලක්කය ලකුණු 311 ක්.

 

 

----------------------------

ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිම්බාබ්වේ පිතිකරුවන්ව පාලනය කරයි

(2017 - 07 - 06 13:26)

ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන තුන්වන එක්දින කි‍්‍රකට් තරගයේදී ප‍්‍රබල ආරම්භයක් ලබාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සිම්බාබ්වේ පිතිකරුවන් පාලනය කර ගැනීමට නොහැකි වූයේ නම් ඔවුන්ට දැවැන්ත ඉලක්කයකට යෑමට අවස්ථාව උදා වීමට තිබුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දෙන සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 46 ක් අවසානයේදී කඩුලු 06 ක් දැවී ඔවුන් ලබාසිටි ලකුණු සංඛ්‍යංව 263 ක්.

හැමිල්ටන් මසකඩ්සා ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා. ඒ, පන්දු 88 කදීයි. ඊට හතරේ පහර 14 ක් සහ එක් හයේ පහරක්  ඇතුළත්.