Friday, April 19, 2024

General line - 0115112241

අමෙරිකාවට ගහන්න මිසයිලයක් හැදූ උතුරු කොරියාවේ මිසයිල බලය




උතුරු කොරියාව අත්හදා බැලූ නවතම දුර විහිදුම් මිසයිලය ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තය දක්වා ළඟා විය හැකි බවට පැවසෙනවා. උතුරු කොරියාව ‍ පෙරේදා (04) දා නිවේදනය කර සිටියේ තමන් අත්හදා බැලූ අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලය සාර්ථක වූ බවය.

උතුරු කොරියාව ප්යොංයැං නුවරදී පැවැත්වූ දැවැන්ත හමුදා සංදර්ශනයත් සමග එරට සතු මිසයිල ශක්තිය පිළිබඳව පුළුල් කතාබහක් ලෝකය තුළ මතුවන්නට ගත්තා. පසුගිය 04දා සිදුකළ බව කියන අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලය හේතුවෙන් එම කතා බහ තවදුරටත් පුළුල්ව තිබෙනවා.


උතුරු කොරියාව සතු එම මිසයිලවල හැකියාව පිළිබඳව  ආරක්ෂක විශේෂඥයකුවන මෙලිස්සා හැන්හම් පැහැදිලි කිරීමක්කර තිබෙනවා.

මෙතෙක් ලොව සන්නද්ධ බවින් වැඩිම මිසයිලයක්ව පැවති 'ස්කඩ්' මිසයිලය භාවිතයට ගැනීම සමග අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල වැඩසටහන දක්වා වූ සිය ගමන උතුරු කොරියාව විසින් වර්ධනය කරගෙන ඇතිබව ඔහු පවසනවා.

ඊජිප්තුවේ ජනාධිපතිව සිටි අන්වර් සදාත් 1979 දී සෝවියට් දේශයේ නිෂ්පාදිත මිසයිල සුළු ප්‍රාණයක් උතුරු කොරියාව වෙත යවනු ලැබ ඇත්තේ මිසයිල තාක්ෂණය කෙරෙහි ඇතිකරගත් ගිවිසුමකට අනුවය. ඉන් අනතුරුව 'ස්කඩ්' මිසයිලයේ තාක්ෂණය වෙනස්කම්වලට ලක්කරමින් තමන්ගේම වූ 'හ්වාසොං-6' සහ 'හ්වාසොං-7'මිසයිල නිපදවීමට මෙන්ම අත්හදාබැලීම උතුරු කොරියාව කටයුතු කළා.

පසුව  'ස්කඩ්' මිසයිලයේ පරාසය පුළුල්කරමින් ද එහි දේහය දිගු කරමින්ද නව මිසයිලයක් තැනූ අතර එය 'නොඩොං' නම් විය. පසුව මෙම නොඩොං මිසයිලයේ එන්ජින් කිහිපයක් කැටිකොට 'උන්හා-3' නම්වූ රොකට්ටුවක් උතුරු කොරියාව විසින් නිර්මාණය කරනු ලැබුවා. එයට පෘථිවියෙන් එපිටට ද්‍රව්‍ය ගෙනයාමේ හැකියාවෙන්ද යුක්තය.


නොඩොං මිසයිලය න්‍යෂ්ටික අවි ගෙනයාමට සමත් අතර උතුරු කොරියාව එම මිසයිල පාකිස්තානය සහ ඉරානයටද අපනයනයකර තිබෙනවා. මෑතදී, සෝවියට් නිෂ්පාදිත R-27 නම්වූ සබ්මැරීනවල සිට විදින බැලිස්ටික් මිසයිල (SLBM- Submarine-Launched Ballistic Missile) වෙනස්කම්වලට ලක්කරමින්, ගොඩබිම් මාර්ගවලින් ගෙන යා හැකි එසේම ගුවාම් හි ඇමෙරිකානු හමුදාවලට පහරදිය හැකි තරමේ මිසයිල නිපදවීමටද උතුරු කොරියාව කටයුතු කළ බවයි පැවසෙන්නේ.

'මුසුඩාන්' යනුවෙන් හැඳින්වෙන මිසයිලය වසර ගණනාවක් ම හමුදා පෙළපාලිවලදී ප්‍රදර්ශනය කෙරුන අත්හදාබැලීම ඇරඹුවේ 2016 වසරේදීය. අත්හදාබැලීම් හයකින් අනතුරුව 2016 ජුනි මාසයේදී එහි සාර්ථකත්වයක් විය.


2015 වසරේ සිදුවූ ආපදාකාරී අසාර්ථක අත්හදාබලීමකින් අනතුරුව 'පුක්ගුක්සොං' නම්වූ මිසයිලයේ සාර්ථකත්වයක් අත්කරගැනීමට උතුරු කොරියාවට සමත්ව තිබෙනවා.

2016 අප්‍රේල් මාසයේදී  සබ්මැරීනවල සිට විදින බැලිස්ටික් මිසයිල (SLBM- Submarine-Launched Ballistic Missile) අත්හදාබැලීම් සාර්ථක කරගැනීමට හැකිවුණා.