Saturday, April 20, 2024

General line - 0115112241

උමා ඔයෙන් රටට කළ හානියට ඉරාණයෙන් වන්දි ලැබෙයි?




උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නෝර්වේ ජාතික විශේෂඥයින් විසින් සිදු කරන පරීක්ෂණවලින් පසු එහි නව නිර්දේශ සහ නිගමන අගෝස්තු 15 වන දින ලබාදීමට සැලසුම් කර ඇති බවයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය සඳහන් කළේ. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියෙන් හානියට පත් ජනතාව සඳහා හානි තක්සේරු කර වන්දි මුදල් ලබාදීම මෙන්ම අනෙකුත් සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 300ක මුදල් ප‍්‍රතිපාදන වෙන් කර තිබෙනවා. එම මුදල බදුල්ල දිස්ත‍්‍රික් ලේකම්වරයා වෙත වහාම ලබාදීමට පියවර ගෙන ඇති බවයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය සඳහන් කළේ.

මේ අතර උම ඔය බහුකාර්ය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ සඳහන් කළේ මෙම ව්‍යාපෘතියේ අසාර්ථකත්වය බලධාරීන්ට වැටහී ඇත්තේ විශාල විනාශයක් සිදුවීමෙන් පසුව බවයි. ගල්ගමුවේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද කියා සිටියේ උමා ඔය ව්‍යාපෘතියෙන් සිදු වූ හානිය සුළු පටු නොවන බවයි. ජනාධිපතිවරයා ඊයේ කළ මෙම ප‍්‍රකාශය පිළිබ`දව ද උම ඔය බහුකාර්ය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න ප‍්‍රතිචාර දැක්වූවා. 

"මේක පසුගිය ආණ්ඩුවෙ වැඩක් කියල ජනාධිපතිවරයාට අත පිහදාගන්න බැහැ. මොකද ඔහු ඒ ආණ්ඩුවේ ප්‍රබල කොටස් කාරයෙක්. මෙකෙන් රටට කරපු හානියට ඉරාණයෙන් වන්දි ලබාගත යුතුයි. ඒ සඳහා කටයුතු කළ යිතුයි" යැයිද ඔහු පැවසුවා.

මෙම ගැටළුව පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසට ඉල්ලීම් කළ ද ඊට මෙතෙක් ප‍්‍රතිචාර ලැබී නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.