Saturday, April 20, 2024

General line - 0115112241

ආසියානු ශූරතා මළල ක‍්‍රීඩා තරගාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්




ඉන්දියාවේ ඔඩිෂා ප‍්‍රාන්තයේ පැවැත්වෙන 22 වන ආසියානු ශූරතා මළල ක‍්‍රීඩා තරගාවලියේ දී රිදී පදක්කමක් දිනා ගැනීමට ශ‍්‍රී ලංකාව නියෝජනය කළ නදීෂා දිල්හානි ලේකම්ගේ ඊයේ (06) පස්වරුවේ සමත් වුණා.

ඒ, හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වෙන්. ඇය දැක්වූ දක්ෂතාව මීටර් 58.11ක්. එය ඇයගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ද වනවා. කාන්තා හෙල්ල විසි කිරීම ඉසව්වේ රන් පදක්කම චීන ක‍්‍රීඩිකාවක් දිනාගත් අතර ලෝකඩ පදක්කම ඉන්දීය ක‍්‍රීඩිකාවක් විසින් දිනාගනු ලැබුවා.