Saturday, April 20, 2024

General line - 0115112241

කෝලිගෙන් වාර්තාවක් ! සචින් පරදියි !




සචින් තෙන්ඩුල්කාර් පිහිටවූ වාර්තාවක් බිඳ හෙළීමට ඉන්දීය ක‍්‍රීඩක විරාට් කෝලි ඊයේ (06) සමත් වුණා. ඒ, සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඊයේ පැවති එක්දින තරගයේ දී ශතකයක් වාර්තා කිරීමත් සමගින්.

එක්දින තරගවල පිළිතුරු ඉණිමේ දී තරග ජයග‍්‍රහණය කිරීම සඳහා වැඩිම ශතක සංඛ්‍යාවක් වාර්තා කළ ක‍්‍රීඩකයා ලෙස කෝලි මෙම තරගයේ දී වාර්තා පොත් අතරට එක්වුණා. ඒ අනුව විරාට් කෝලි මේ දක්වා එක්දින පිළිතුරු ඉණිම් 102කට ක‍්‍රීඩා කර ශතක 18ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගොස් තිබෙනවා.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියූ සචින් තෙන්ඩුල්කාර් එක්දින පිළිතුරු ඉණිම් 232ක දී ශතක 17ක් රැස් කරමින් ඉන්දීය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගොස් තිබුණා. විරාට් කෝලි ඊයේ තරගයේ දී නොදැවී ලකුණු 111ක් රැස් කළ අතර එම තරගයෙන් කඩුලූ 08ක ජයක් වාර්තා කිරීමට ද ඉන්දීය කණ්ඩායම සමත් වුණා.