Wednesday, April 24, 2024

General line - 0115112241

ලක්ෂ 18ක් කොල්ල කා සැඟවී සිටි 03ක් මාට්ටු




මීරිගම ප‍්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සිදු වූ මුදල් කොල්ලය සම්බන්ධයෙන් පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අතුරුගිරිය, පන්නිපිටිය හා හෝමාගම යන ප‍්‍රදේශවල දී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

සැකකරුවන් සමග ටී 56 ගිනි අවියක්, මැගසින් 01ක්, උණ්ඩ 30ක්, කොල්ල කන ලද යතුරුපැදියක් සහ ජංගම දුරකතන 05ක් ද පොලිස් භාරයට ගැණුනා. රුපියල් එක්ලක්ෂ හතළිස් දහසක මුදලක් ද සැකකරුවන් සතුව තිබී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද (07) ඉදිරිපත් කිරීමට නියමිතයි.

යතුරුපැදියකින් පැමිණි අවි සහිත නාදුනන කොල්ලකරුවන් දෙදෙනෙකු විසින් ඉකුත් මැයි මස 26 වනදා මෙම බැංකු කොල්ලය සිදු කර තිබුණා. එහිදී ඔවුන් විසින් කොල්ලකෑ මුදල රුපියල් 18,78,000ක්.