Tuesday, April 23, 2024

General line - 0115112241

ඇමති වජිර මහ නාහිමිවරුන් සමග රහස් සාකච්ඡාවක්!




ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, මල්වතු, අස්ගිරි මහනාහිවරුන් සමග රහස් සාකච්ඡාවක නිරත වී තිබෙනවා. අමාත්‍යවරයා මහනායක හිමිවරුන් වෙන වෙනම හමුවී සාකච්ඡා පවත්වා ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා හා මහනුවර දිස්ත‍්‍රික් ලේකම්වරයා ද අමාත්‍යවරයා සමග මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමට ගිය ද ඔවුන් ද සහභාගී කර නොගෙන අදාළ සාකච්ඡාව පවත්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

සාකච්ඡා අතරතුර අමාත්‍යවරයා වරින් වර දුරකතන මාර්ගයෙන් අග‍්‍රාමාත්‍යවරයා ද සම්බන්ධ කරගෙන ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. කෙසේ වෙතත් රට තුළ පවතින වත්මන් තත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන්නට ඇති බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.