Thursday, April 25, 2024

General line - 0115112241

අලුතින් පත් වූ අභියාචනාධිකරණ විනිසුරුවරුන් මෙන්න 




පුරප්පාඩුව පැවති අභියාචනාධිකරණ විනිසුරු ධුර 03ක් සඳහා විනිසුරුවරුන් පත් කර තිබෙනවා. 

ඒ, ඊයේ රැස් වූ ව්‍යවස්ථාදායක සභාවේදීයි. 

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු වන රොහාන් අමරසේකර හා ශිරාන් ගුණරත්න මෙලෙස අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කර තිබෙනවා. 

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙකු වන ජනක් ද සිල්වා පත් කළ අනෙක් අභියාචනාධිකරණ විනිසුරුවරයායි.