Friday, March 29, 2024

General line - 0115112241

වැල්ලවත්තේ චීන කතගේ මුදල් කොල්ලයට උමා ඔයේ  රියදුරෙක් සහ ඔහුගේ  බිරිඳ අත්අඩංගුවට




වැල්ලවත්ත ප්‍රදේශයේ දී චීන ජාතික කාන්තාවකගේ මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් උමා ඔය ව්‍යාපෘතියේ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, මීගමුව කුඩාපාඩුව ප්‍රදේශයේදීයි. 

සැකකරුගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය විසින් මෙම මුදල් කොල්ලය මෙහෙයවා ඇති බවයි මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ. 

ඉකුත් 27 වනදා රාත්‍රී මෙම කොල්ලය සිදුව ඇති බව පොලිසියට ලැබුණු තොරතුරුවල දැක්වෙනවා. 

මුදල් අයත් චීන ජාතික කාන්තාව රාත්‍රී සමාජ ශාලා වෙත පැමිණෙන තැනැත්තන්ට පොලියට මුදල් ලබාදීමේ ව්‍යාපාරයක යෙදී සිට ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

ඇය වසර 10කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිට ඇතැයි ද සඳහන්. 

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද කාන්තාවක් අත්අඩංගුවට ගැණුනා. 

ඇය මේ වනවිට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාර ගතවයි. 

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උමා ඔය ව්‍යාපෘතියේ රියදුරු සහ ඔහුගේ බිරිඳ ද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.