Friday, March 29, 2024

General line - 0115112241

ජෝන් ටාබට් පිරිමි ශූරතාව මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයට




සිලෝන් බිස්කට් රිට්ස්බරි අනුග්‍රහයෙන් පැවැති ශ්‍රීමත් ජෝන් ටාබට් පාසල් මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ සමස්ථ පිරිමි ශූරතාව දිනා ගැනීමට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය සමත් වුණා. 

ජ්‍යෙෂ්ඨ අංශයේ සමස්ත කාන්තා ශූරතාව දිනා ගත්තේ වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයයි. 

තරඟාවලිය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයෙදි ඊයේ (06) නිමාවට පත් වුණා. 

ශ්‍රීමත් ජෝන් ටාබට් පාසල් මළල ක්‍රීඩා ශූරතා තරඟාවලියෙදී බිහි වූ නව තරඟ වාර්තා සංඛ්‍යාව 14ක්. 

දක්ෂතම  ක්‍රීඩකයා ලෙස මීටර් 110 කඩලු පැනීම් ධාවන ඉසව්ව ජය ගත් කොළඹ ෂාන්ත ජෝසප් විද්‍යාලයේ ෂෙහාන් කාරියවසම් සම්මාන දිනා ගත්තා. 

දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තේ දුර පැනීම ඉසව්ව ජය ගත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ රිද්මා නිශාදියි. 

දින 3ක් පුරා පැවති මෙවර ශ්‍රී‍මත් ජෝන් ටාබට් පාසල් මළල ක්‍රීඩා ශූරතා තරඟාවලිය සඳහා පාසල් 200ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2500කට අධික පිරිසක් සහභාගි වුණා.