Wednesday, April 24, 2024

General line - 0115112241

ශ්‍රීලනිපයේ සභාපති ධුරය පිළිබඳ නඩුවක තීරණයට අධිකරණය දින දෙයි




ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ සභාපති ධුරය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා යළි පත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ ගොනුකර ඇති නඩුවක මූලික විරෝධතා සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශ  කිරීමට දින නියම කර තිබෙනවා. 

මහින්ද රාජපක‍ෂ මහතා පක‍ෂ සභාපති ධුරයට පත් කිරීම සදහා නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා එම පක්ෂයේ සමස්ථ ලංකා කාරක සභිකයන් දෙදෙනෙකු මෙම නඩුව ගොනුකර තිබුණා. 

මෙම පෙත්සම පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බවත් පදනම් විරහිත චෝදනා මත මෙම නඩුව ගොනුකර ඇති බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට මූලික විරෝධතා ගොණුකර තිබුණා. 

ඒ අනුව එම මූලිික විරෝධතා සම්බන්ධයෙන් නියෝගය අගෝස්තු මස 3 වනදා ප්‍රකාශයට පත් කිරීමටයි කොළඹ දිසා අධිකරණය අද තීරණය කළේ.