Friday, March 29, 2024

General line - 0115112241

බස්රථවල මගීන්ගේ රන් භාණ්ඩ සොරකම් කළ අයෙකු රිමාන්ඩ්




මහනුවර සිට ගමන් ගන්නා දුරගමන් සේවා බස්රථවල ගමන් කරන වයස්ගත කාන්තාවන්ගේ රන් භාණ්ඩ සහ මුදල් සොරකම් කළ සැකකරුවෙකු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 

ඒ, මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් ඉන්දික අත්තනායක ලබාදුන් නියෝගයකට අනුවයි. 

සැකකරු  දුරගමන් බස් රථවල වයස්ගත කාන්තාවන් සමග කුළුපහ වී එම කතුන්ට මත්ද්‍රව්‍ය මිශ්‍ර පැණි බීම පානය කිරීමට ලබාදී තිබෙනවා. 

පසුව එම කාන්තාවන්ගේ රන් භාණ්ඩ සහ මුදල් සැකකරු සොරාගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ. 

මෙලෙස රක‍ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ රාජාංගනය කලාවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.